ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කුණ්ඩසාලේ පදිංචි කාන්තාවකි.
ඇයගේ අනියම් සැමියා බවට පැවසෙන ද්විත්ව පුරවැසිභාවය හිමි 50 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 24 වනදා ඇය රාත්‍රී කාලයේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියාගේ නිවසේ රැඳී ඇති බව වාර්තා වනවා. පසුව වැටී තුවාල බව පවසමින් ඔහු ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් ඇයට සිදුවූ තුවාල සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත රෝහල් බලධාරීන් පොලීසිය දැනුවත් කර තිබෙනවා.
මේ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් පහර දී ඇයව ඝාතනය කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Leave a Reply