Loading...

බැසිල් – ලන්සා අතර හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හැකි ඉක්මණින් පැවැත්විය යුතු බවට ජනාධිපති කාර්යාලය විසින් යෝජනා කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ලන්සා මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

තමාට බැසිල් රාජපක්ෂ මහතා හමුවිය හැකි වුවත් තමන්ගේ දේශපාලන ස්ථාවරය වෙනස් නොවන බවයි නිමල් ලන්සා මහතා ඊට ප්‍රතිචාර ලෙස ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කැඳවීම පිළිබඳව නිමල් ලන්සා සහ අනුර යාපා යන ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ නව සන්ධානයේ ප්‍රධානීන් දැඩි විරෝධයක් පළ කෙරුණා.

මෙම විරෝධතා සමථයකට පත් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා අදාළ හමුව සම්බන්ධීකරණය සඳහා වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබුවා.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ ඉදිරි සතියේ දී බැසිල් රාජපක්ෂ මහතා සහ නිමල් ලන්සා මහතා අතර හමුව පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *