නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු යන සිරස්තලයෙන් යුක්තව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔවුන් මෙම ලිපිය යොමු කර ඇත්තේ හිටපු බුද්ධි ප්‍රධානී පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මතයි.
පොලිස් අත්අඩංගුවේ පසුවූ ඔබ පක්ෂයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර මහතා ඝාතනය කර ප්‍රාණය නිරුද්ධවීමට ප්‍රථම ආදාහනාගාරයට යවා පුළුස්සා දැමූ මිලේච්ඡ යුගයක බිහිසුණු පැල්ලම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මත නැවත සටහන් නොවිය යුතු බව සියලු දෙනාගේම අනම්‍ය විශ්වාසය වන බවද එම නිවේදනයෙන් ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරු විසින් එම ලිපියට අත්සන් තබා ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.







Leave a Reply