Loading...

වාහන ආනයනය ගැන රාජ්‍ය ඇමතිගෙන් බලාපොරොත්තුවක්

රටට ගැටළුවක් ඇති නොවන සුවිශේෂී වැඩපිළිවෙලක් යටතේ වාහන ආනයනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.

වාහන ආනයනය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දී ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට… පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා.

ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *