අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළව සකකරුන්ව ඊයේ (29) සවස 3.30ට පමණ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බවයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂාකාර පැමිණිලිකරුට අයත් රුපියල් 12000000ක් හා ඩොලර් 3500ක් අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබුණා.
ඒ එම පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව සඳහන් කරමින්.
ඉන් අනතුරුව අදාළ සැකකරුවන් පැමිණ අදාළ නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
මේ අතරවාරයේ පැමිණිලිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදීමට ඔහුට විරුද්ධව විමර්ශනය උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 4ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.
ඉන්පසුව එම මුදල කෝටි 3 හමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ඇති බව සඳහන්.
මෙම පැමිණිල්ල මත අදාළ මුදල අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙක් හා එක් සැකකාරියක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Leave a Reply