Loading...

විසිපන් ලක්ෂයකට ආසන්න උගතුන් පිරිසක් රට හැර ගිහින්

ආර්ථික අර්බුධය හේතුවෙන් පසුගිය වසර දෙකකදී 2560365 දෙනෙක් රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවක දැක්වෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ 2022 වසරේ දී පුද්ගලයින් 1127758 දෙනෙක් විදේශ ගතව ඇති බවයි.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ දී පුද්ගලයින් 1437607 දෙනෙක් විදේශගතව තිබෙනවා.

ඉන් විදේශ රැකියා සඳහා 608925 දෙනෙක් ගොස් ඇති අතර එය විදේශවල ගොස් ඇති මුළු ප්‍රමාණයෙන් 24%ක ප්‍රතිශතයකි.

මහචාර්යවරයා කියා සිටියේ 2022 වසරේ දී පුද්ගලයින් 311269ක් සහ 2023 වසරේ දී පුද්ගලයින් 297658 ක් විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇති බවයි.

පසුගිය වසරේ දී වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිසක් මෙලෙස විදේශගත ගොස් ඇතිව අතර එය සමස්ථ පිරිසෙන් 70%ක් පමණ ලෙසයි සැලකෙන්නේ.

2023 වසරේ දී විදේශ රැකියා සඳහා ගිය පිරිසෙන් 34%ක් වයස් කාණ්ඩ 25 – 34 අතරට අයත් වනවා.

ගත වූ වසර දෙකේදී විදේශ ගත වූ පිරිසෙන් 55%ක් ද පිරිමි ද 45%ක් ගැහැණු අයද වනවා.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප පුවත්පත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *