Loading...

මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (26) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරටට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදුකරන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පුර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම පිරිස ලබන මස 9 වනදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරත වන බව වාර්තා වේ.

එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පැවසුවේ මෙම නියෝජිත පිරිසේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් සිදු කර, රටට ලබා දිය හැකි උපරිම සහයෝගය පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.

පස්වන සමාලෝචනය සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව 2025 ඔක්තෝබර් 9 වන දින ලබාගෙන ඇති අතර, එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට හැකි වනු ඇති.

ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික බලපෑම සහ ගෝලීය ඉල්ලුමේ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සිදු කිරීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, මෙම සංචාරය හරහා හයවන වාරිකයට අදාළ සමාලෝචන ක්‍රියාවලියද ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කර ඇතැයි සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *