දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු පුද්ගලයින්ට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදල් සමඟ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2500 දීමනාව ලබාදෙන බවයි.
එම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක් ලේඛනවලට ඇතුළත් වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Leave a Reply