දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 1ට 1ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 6කිනි.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබාගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබා ගනු ලැබුවා.
ලකුණු 302ක ඉලක්කයක් හඹා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ලකුණු 305ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
කාන්තා කණ්ඩායමක් එක්දින තරඟාවලියක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය වාර්තා කිරීමේ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් හතරේ පහර 26ක් ඇතුළත් වනවා.
ඒ අනුව එක්දින ක්‍රිකට් තරඟාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ඉහළම තෙවන ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇති.
තරඟයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමි කරගනු ලැබුවා.
Leave a Reply