Loading...

වැට් බදු සංශෝධනයක් ගැන මුදල් අමාත්‍යාංශයෙන් ගැසට් පත්‍රයක්

ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව ඉලෙක්ට්‍රොනික් වේදිකා මත සපයන සේවා සඳහා වැට් අය කිරීම් ජුලි මස පළමු වනදා සිට සිදු කරනු ඇති බව වාර්තා වනවා.

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ ඇතුළත් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා යන සීමා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එය ද ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වනවා.

මේ අනුව යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේ දී එම තැනැත්තාගේ බදු අය කළ හැකි කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සම සේවාවල බදු අය කළ හැකි සැපයුම්වල සමස්ථ වටිනාකම රුපියල් මිලියන 9ක් ඉක්මවා තිබිය යුතු වනවා.

තවද මුල්‍ය සේවා මත වන වැට් බදු 18% සිට 20.5% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

ඩිජිටල් සේවා මත බදු ලියාපදිංචි කිරීම සහ ගෙවීම සඳහා විධිවිධාන සලස්වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *