ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට (28) දිනයේ දී කොළඹ වරායට සෙන්දු වීමට නියමිතව තිබෙනවා.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර පසුගිය අඟහරුවාදා පැවැති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිත බවයි.
මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එකක් පියවරක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.








Leave a Reply