Loading...

අනුරගෙන් සජිත්ට අවසාන නිවේදනයක්

විපක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස 20 වනදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු කියා සිටින්නේ මීට පෙර මෙම විවාදය සඳහා මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයක් ලබාදුන් නමුත් ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවයි.

මේ නිසා අවසාන වශයෙන් 20 වනදාට පෙර ඕනෑම දිනක විපක්ෂ නායකවරයාට තෝරා ගන්නා ලෙසත් එම දිනට තමාගේ ඕනෑම වැඩ කටයුත්තක් තිබුණද අනිවාර්යෙන් එදිනට සහභාගී වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *