Loading...

පොහොර නැවක් අද දිවයිනට

ටොන් 25000ක පොහොර රැගත් නැවක් අද (05) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටළුව රජය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි.

පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටළුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

“යල කන්න නැවත ආරම්භ වෙමින් පවතිනවා. එතනදි පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ පවතින ලෝක යුද තත්ත්වයත් සමග. ඒ අනුව, අත්තටම අපි ගොවි ජනතාවට කියන්නේ අපිට පොහොරවල ලොකු ගැටලුවක් එන්නේ නෑ. අපිට මේක කලමනාකරණය කරගන්න පුළුවන්.රට තුළ මඩ පොහොර අපේ අවශ්‍යතාවය ඉක්මවා තියෙනවා. බණ්ඩි පොහොරත් අවශ්‍යතාවය ඉක්මවා රට තුළ තියෙනවා. යුරියාවල තමයි ප්‍රශ්නයක් එනවානම් එන්න තිබුණේ. හැබැයි යුරියා ටොන් ලක්ෂයක ප්‍රමාණයක් තියෙනවා. වී වාගවට අපට අවශ්‍ය වෙන්නේ ටොන් 80,000ක් විතර. අතුරු බෝග සහ අතිරේක බෝග එක්ක කල්පනා කරනකොට මේ පොහොර ප්‍රමාණය ඇත්තටම මදි වෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් විදිහට එන පස් වෙනිදා වෙනකොට අපිට තවත් ටොන් 25000ක පොහොර නැවක් එන්න නියමිතයි. ඇනවුම් කරපු තවත් පොහොර නැවක් ඊළඟ වටයකින් එන්න නියමිතයි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *