ජනාධිපතිවරණය අවසන් වූ පසු අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිලධාරීන්ට අදාළ උපදෙස් ලබාදී බව සඳහන්.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සහ ඉලක්කවලට අනුකූලව අතුරු සම්මත ගිණුමක් සකස් විය යුතු බවත් ජනාධිපතිවරයා විසින් මීට පෙර උපදෙස් ලබාදී ඇති බවත්ය.
කෙසේ නමුත් ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වුණහොත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පැවැත්වෙන අතර අදාළ කාලය තුළ අයවැයක් සම්මත කිරීමට ප්‍රතිපාදන නොමැති බවද සඳහන් වනවා.
ඒ නිසා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම වඩාත් සුදුසු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී කරුණු හුවමාරු වී තිබෙනවා.
Leave a Reply