Loading...

අලුත්ම බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මුල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑතකදී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලේ ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ දුර්මත සමාජය තුළ ඇති වී තිබෙන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම බද්ද තුළින් සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *