ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට පැවසෙන සිද්ධිය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
මේ අනුව අදාළ චෝදනා පත්‍රය කියවාදීම සඳහා අගෝස්තු මස 01 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.
Leave a Reply