Loading...

දසුන් ශානකට දිල්ලි කැපිටල්ස් වෙතින් කැඳවීමක්?

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 18 වන අදියර මාර්තු 22 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලියට එක්වන සියලු කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

හැරී බෘක් හට වසර දෙකක IPL තහනමකට ලක්වීම සමඟ දසුන් ශානකහට මෙවර තරඟවාරය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.

පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ දී ශූරතාව දිනූ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන දසුන් ශානක එම තරඟාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඒ අනුව දසුන් ශානක මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් එක්ව සිටිනවා.

අදාළ කැඳවීම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් කළමනාකාරීත්ව ඉදිරියේ දී නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.

May be an image of 14 people, dais, temple and text


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *