ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියළු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා.
එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මුලස්ථානය වෙත පස්වරු 10.45ට කැඳවා ඇති බවද සඳහන් වනවා.
මෙහිදී දේශපාලන තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ වී තිබෙනවා.
Leave a Reply