ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (27) පැවැති පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 43ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
පල්ලෙකැලේ හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 213ක් රැස් කළා.
මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුර්ය කුමාර් යාදෙව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් ලබා ගනු ලැබුවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
මේ අනුව ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 170ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භ කඩුල්ල වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක සබඳතාවක් ගොඩනැගුවා.
එම සබඳතාව තිත තැබීමට සමත් වූ Arshdeep Singh කුසල් මෙන්ඩිස් ලකුණු 45කට දවා ගැනීමට සමත් වුණා.
පන්දුවාර 14ක් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටි අතර ඔවුන්ට තරඟය ජය ගැනීමට නම් පන්දු 36කදී ලකුණු 74ක් ලබා ගැනීමට ගත යුතුව තිබුණා.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 30 ක් තුළදීයි.
ඉන්දියාව වෙනුවෙන් රියාන් පරාග් කඩුලු 3ක් දවාගත් අතර Arshdeep Singh සහ Axar Patal කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් වුණා.
මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (28) පැවැත්වීමට නියමිතයි.








Leave a Reply