මාස 5ක කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7කට තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
සැක කටයුතු ගණුදෙනු පිළිබඳව මෙලෙස තහනම් කර ඇත්තේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3කි.
මේ අනුව පසුගිය ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ සැමියාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.15ක වටිනාමකින් යුත් ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 7ක් සඳහා තහනම් නියෝග නිකුත් කෙරුණා.
ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුන මුදල් විශුද්ධිකරණ වරද යටතේ තහනම් කර ඇති බවයි එම කොමිසම කියා සිටියේ.
මහාධිකරණයට වාර්තා කිරීමෙන් පසුව තහනම් නියෝගය දීර්ඝ කර ගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.
අල්ලස් කොමිසමට ලද තොරතුරක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Leave a Reply