මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය ඔක්තෝම්බර් මස 16 වන දින ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබුවා.
මැතිවරණ නීති රීති පිළිබඳ පරික්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා ඇති බවයි වාර්තා වන්නේ.
කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගනිමින් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අදාළ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.
එම නිර්දේශ අප්‍රේල් මස 15 වන දිනට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබූ අතර එම කාලය තවත් මාස 2කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අනුව එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස 15 වන දින දක්වා කාලය ලබාදීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.








Leave a Reply