චීනයේ පැතිරෙන වෛරස උණ රෝගය පිළිබඳව කලබලයට පත් නොවන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ශීත කාලය උදාවීම සමඟ මෙවැනි වෛරස පැතිරීම සාමාන්‍ය දෙයක් බවයි.
කෙසේ වෙතත් මෙම නව තත්ත්වය රටවල් රැසක් මේ වන විට චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙස ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර චීන රජය මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදු කරමින් සඳහන් කරන්නේ චීන වැසියන් සහ චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධව සහතිකයක් දීමට හැකි බවයි.
ඒ අනුව චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවද එරට රජය පවසනවා.
Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් චීනයේ මේ වන විට පැතිර යමින් පවතින බව වාර්තා වනවා.
මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ වන්නේ ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි.
කෙසේ වෙතත් ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීනයේ වෛරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බවද සඳහන්.








Leave a Reply