Loading...

,

කෝලී ඉන්දියාව හැර ලන්ඩනයේ පදිංචියට යන්න තීරණය කරයි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වීරාට් කෝලි සහ ඔහුගේ බිරිඳ සුරූපී රංගන ශිල්පිනී අනුෂ්කා ෂර්මා සහ දරුවන් දෙදෙනා වන චාමිකා සහ අකායි සමඟ ලන්ඩනයට යාමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය විසින් කෝලිගේ හිටපු පුහුණුකරු රාජ්කුමාර් ශර්මා විසින් ඔවුන්ගේ පවුලේ තීරණ සහ ඔවුන්ගේ අනාගත සැලසුම් සම්බන්ධ කළ විමසීමකදී මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ “ඔව්, විරාට් තම දරුවන් සහ බිරිඳ අනුෂ්කා ෂර්මා සමඟ ලන්ඩනයට යාමට සැලසුම් කර තිබේ.” ඔහු ඉන්දියාව හැර ගොස් ඉතා ඉක්මනින් ලන්ඩනයේ පදිංචියට යන බවත්, මේ වන විට, කෝලි ක්‍රිකට් වලින් තොරව ඔහුගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරනවා”.

කෝලීට සහ අනුෂ්කාට දැනටමත් ලන්ඩනයේ දේපල සතුව තිබෙනවා.

ඊට අමතරව ඔවුන්ගේ බාලම දරුවා වන අකායි 2024 පෙබරවාරි 15 වන දින ලන්ඩනයේ උපත ලැබීමද මෙම තීරණයට ගෙන මුලික හේතුවක් වී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *