Loading...

මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වුණා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ කෙරුණා.

2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් ගණන 17140354 කි.

මැතිවරණය කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ අද (14) දිනයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමී බවයි.

ඡන්ද විමසීම අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ඡන්ද ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2034ක් ස්ථාපිත කර ඇති බවයි.

මෙවර මැතිවරණයට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් ගණන 80000ක් පමණකි.

පළමු තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර අදාළ කටයුතු පස්වරු 5ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *