Loading...

24 වන IIFA උළලේ හොඳම නළුවා සම්මානය ෂාරුක්ට හිමිවෙයි

24 වන IIFA – International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා අබුඩාබි හිදී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් දිනා ගැනීමට සමත් වුණා.

ඒ 2023 වසරේ තිරගත වුණු “ජවාන්” චිත්‍රපටය වෙනුවෙන්.

‘මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ’ චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුයේ රානි මුඛර්ජියි.

ඊට අමතරව “ඇනිමල්” හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට දිනාගත් අතර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ’12 ත් ෆේල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රා දිනාගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *