Loading...

,

රට ඉදිරියට යාමට ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකටයි – අභිනව ජනපති අනුර කියයි

රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“මේ ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක්. ඊළඟ මැතිවරණවලට පෙර මැතිවරණ සංශෝධන කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා. නීතියේ සංශෝධන අවශ්‍ය බව අපි තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

රට පැති ගණනාවකින් අස්ථාවර වෙලා. රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය අපිට තිබෙනවා.

අපේ රටේ කිසිඳු මැතිවරණයකදී කිසිඳු පුද්ගලයෙකු මිය යා යුතු නැහැ. අපේ රටේ බොහෝ දේ වෙනස් විය යුතුව තිබෙනවා. මැතිවරණ පැවැත්වීම, ජයග්‍රහණ සැමරීම, අනෙකාට බිය ගෙන දෙන සංස්කෘතිය අපි ඉවත් කළ යුතුයි.

අපේ රට තුළ තිබෙන බොහෝ බෙදීම් ඉතා වේගයෙන් අපි සමනය කරගත යුතුයි. අපිට සාකච්ඡාවලින් ඉස්සරහට යන්න පුළුවන්”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *