චිත්‍රපට 1400 ඉක්මවා තිරගත වී ඇති වසර 78ක් වන ශ්‍රී ලාංකීය කථා නාද සිනමා ඉතිහාසයේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව නිර්මාණය කිරීමට ඊයේ (21) ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.
මෙම දත්ත ගබඩාවේ චිත්‍රපට සියල්ලේ රංගන ශිල්පීන්ගේ විස්තර, තාක්ෂණික ශිල්පීන්ගේ විස්තර, තිරගත කිරීම් පිළිබඳ සියලු විස්තර, ගීත සියල්ලේ පදවැල් ඇතුලුව, පෝස්ටර්, ෂෝ කාඩ් සහ වෙනත් ඡායාරූප ද ඇතුලත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්වන සුනෙත් මාලිංග ලොකුහේවා සහ කසුන් චන්ද්‍රනාත් පතිරණ ද, සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් කටයුතු කරන මෙවන් ලියනගේ ද අධ්‍යක්ෂධූරයන් දරණ SKM පුද්ගලික සමාගම සහ සිංහල චිත්‍රපට විකාශනය සඳහා නිර්මාණය කළ නවතම ඔන්ලයින් වේදිකාව වන Flickoo ආයතනය අතර මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබෙනවා.
Flickoo UK ආයතනය වෙනුවෙන් එහි හවුල්කරු සහ ප්‍රධාන ප්‍රවර්ධන නිළධාරී සුජිත් අන්නමලේ මහතා ගිවිසුමට අත්සන් තබා ඇති අතර ලාංකීය සිනමාවට වසර 100ක් සපිරෙන 2025 වසරේ මුල් මාස කිහිපය තුළ මෙම දත්ත පද්ධතිය එළි දැක්වීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සම්පුර්ණ කටයුතු අවසන් කිරීමට රුපියල් මිලියන දෙකක මුදලක් වැය වනු ඇති බවට ගණන් බලා තිබෙනවා.
ඔබ ‘ශ්‍රී ලාංකේය’ සිනමාවේ ‘රසිකයෙක්’ ද? මෙම දත්ත පද්ධතියට තොරතුරු ලබා දීමට ඔබත් කැමතිද? අප හා සම්බන්ධ වී ඔබ සතු තොරතුරු සහ ඡායාරූප ලබා දෙන්න! 0755192020 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන් හෝ මුහුණු පොතේ ‘සිනමාලෝලීන් – SL Movie Fans’ කණ්ඩායමට එක්වීමෙන් මෙම දැවැන්ත කටයුත්ත සමඟ ඔබටත් සම්භන්ධ විය හැකියි.








Leave a Reply