එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් ආරම්භ කිරීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) මහනුවර මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම දේශපාලන බලවේගය ගොඩනැගීම සඳහා අගමැතිවරයා ලෙස තමන් උපරිම සහයෝගය ලබා දෙන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.
“රජය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු බහුතරයක් රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා ට ජනපතිවරණයේ දී සහයෝගය ලබා දීමට තීරණය කළා.
ඒ මන්ත්‍රීවරු පොහොට්ටුව වගේම තවත් පක්ෂ ගණනාවක් නියෝජනය කරනවා.
වසර දෙකක් තිස්සේ ඉතා අසීරුවෙන් ඉදිරියට පැමිණි රට මේ වනවිට නිවැරදි මාවතක ගමන් කරමින් තිබෙනවා.
මේ ජයග්‍රහණය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යෑම සඳහා අප සියලු දෙනා එකට එකතු වී වැඩ කරනවා.
මේ වනවිට පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සියලුම මන්ත්‍රීවරු එකට අත්වැල් බැඳගෙන සිටිනවා.
මේ නිසා ඉදිරි මැතිවරණයක දී තමන් ට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වේ යැයි කිසිවෙකුත් බියට පත්විය යුතු නැහැ.
ඔවුන් ට කිසිදු තර්ජනයක් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. නව දේශපාලන බලවේගයක් බිහි කිරීමේ අවශ්‍යතාව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට ආරම්භ වී තිබෙන සාකච්ඡා සඳහා මගේ පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබා දෙනවා”.








Leave a Reply