Loading...

වියළි මිරිස් කිලෝවක තොග මිල ඉදිරියේදී රුපියල් 2,500 ඉහළ යාමේ අවදානමක්?

වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක තොග මිල ඉදිරියේදී රුපියල් 2,500 ඉක්මවා යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ රේගු භාරයේ රඳවාගෙන ඇති වියළි මිරිස් අඩංගු බහාලුම් 120කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී වෙළෙඳපොළ තුළ වියළි මිරිස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

අදාළ ආනයනකරුවන් විසින් අවශ්‍ය ලේඛන කටයුතු සම්පූර්ණ කර රේගු ගාස්තු ඇතුළු අදාළ ගෙවීම් සිදු කර පරීක්ෂණ කටයුතු ද අවසන් කර තිබියදී ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට පෙර රුපියල් 1,050ක් පමණ වූ වියළි මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 2,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය හමුවේ මිරිස් කුඩු නිෂ්පාදනය කරන කර්මාන්තශාලා රැසක නිෂ්පාදන කටයුතු අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවත් පී. සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළා.

එබැවින් වියළි මිරිස් තොග රේගු භාරයෙන් නිදහස් කර ගැනීම සඳහා පවතින තත්ත්වයට කඩිනම් ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *