ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ඉදිරි කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරඟාවලියේ සිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ (Director of Cricket) ධුරයට අද (20) පත් කර තිබෙනවා.
මේ වසරේ මුල් භාගයේදී IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වූ ජයවර්ධන, මෙම නව තනතුර හරහා දිල්ලි කාන්තා කණ්ඩායමේ සියලුම ක්‍රිකට් කටයුතු, කණ්ඩායම් උපාය මාර්ග, දක්ෂතා හඳුනා ගැනීම සහ ක්‍රීඩිකාවන් හා පුහුණු කාර්ය මණ්ඩලය සංවර්ධනය කිරීම අධීක්ෂණය කිරීමට නියමිතයි.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ශක්තිමත් අනන්‍යතාවක් සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ උද්යෝගිමත් දැක්මක් ඇති බවත්, දක්ෂ ක්‍රීඩිකාවන් සහ පළපුරුදු සහායක කාර්ය මණ්ඩලයක් සමඟ එක්ව ශූරතාවය වෙනුවෙන් තරග කිරීමට කණ්ඩායම මෙහෙයවීම තම අරමුණ බවත් නිල නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.
මහේල ජයවර්ධන 2012 සහ 2013 වසරවලදී IPL තරගාවලියේදී දිල්ලි කණ්ඩායම නියෝජනය කර ඇති අතර, 2026 IPL තරගාවලිය දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ කටයුතු කිරීමෙන් අනතුරුව ඔහුගෙන් හිස් වූ ප්‍රධාන පුහුණුකරු ධුරයට කිරන් පොලාර්ඩ් පත් කෙරුණා.







Leave a Reply