Loading...

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් අයෙකු අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සද්ධාරතන නමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *