Loading...

නොවැම්බර් පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් ලක්ෂය ඉක්මවා දිවයිනට

නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 31,185ක්. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් බවයි සඳහන් වන්නේ.

දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර එරටින් සංචාරකයින් 9,772 දෙනෙකු ද, එක්සත් රාජධානියෙන් 6,898 දෙනෙකු ද, ජර්මනියෙන් 6,574 දෙනෙකු සහ චීනයෙන් 5,147 දෙනෙකු ද එම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අනුව 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,964,773ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර එම සංඛ්‍යාව 530,810ක්.

දෙවන ස්ථානය එක්සත් රාජධානියට (180,027) හිමිව ඇති අතර චීනයෙන් 128,887 දෙනෙකු, ජර්මනියෙන් 111,879 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාවෙන් 100,030 දෙනෙකු මෙම වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *