මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳව මාධ්‍ය සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සඳහා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ද සහභාගී වීමට නියමිත බව සඳහන්.
අනුරාධපුර පූජා නගර සැලැස්ම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා විවිධ පාර්ශ්ව අතර දැඩි සංවාදයක් මතුව තිබූ අතර, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලමින් විරෝධතා සහ සත්යග්රහ ද පැවැත්වුණා.
ඒ අනුව, අදාළ නගර සැලැස්මේ සැබෑ තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම විශේෂ මාධ්‍ය හමුව සංවිධානය කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.







Leave a Reply