ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, හෙට (16) පෙරවරු 10.00ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිට මිල සංශෝධනය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව එම අධිකාරිය පවසයි. මිල ඉහළ දැමීම සාධාරණීකරණය කිරීම සඳහා සමාගම විසින් දක්වා ඇති පිරිවැය කරුණු පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතයි.
පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය: රුපියල් 4,965ක් ලෙස පැවති මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 6,740කි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය: රුපියල් 1,988ක් ලෙස පැවති මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, නව මිල රුපියල් 2,720කි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන්, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත උච්චාවචනයන් හේතුවෙන් මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වූ බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරනවා.







Leave a Reply