Loading...

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 26ක් අද විභාගයට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවැනි දිනටත් යළි විභාගයට ගැනීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී තිබුණේ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජිත සංශෝධන තිබේ නම් ඒවා ලිඛිත දේශන මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් සිය ලිඛිත දේශන ඉකුත් බ්‍රහස්පතින්දා අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අතර, ඉන් අනතුරුව පෙත්සම් විභාගය අද දිනය දක්වා කල් තබන ලදී.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *