දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගතවූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එම අගය මිලිමීටර් 211ක් ලෙස සටහන් වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, පවතින තද වැසිත් සමඟ ජලාශවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් දැඳුරු ඔය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඊට අමතරව මානන්කට්ටිය, උඩවලව සහ බඳගිරිය ජලාශවල වාන් දොරටු 04 බැගින් ද, අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් ද, රාජාංගනය, අංගමුව, අඹේවෙල, යෝධවැව සහ මවුආර යන ජලාශවල වාන් දොරටු 02 බැගින් ද විවෘත කර තිබෙනවා.
එමෙන්ම කැණියන් සහ කුකුළේ ගඟ ජලාශවල වාන් දොරටුව බැගින් ද විවෘත කර ඇති බව වාර්තා වනවා.
උඩරට දුම්රිය ගමනාගමනය අත්හිටුවයි
අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර සහ නානුඔය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, රඹුක්කන සිට මාතලේ දක්වා ද දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
පවතින නරක කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව විමසිලිමත් මට්ටම (කහ) යටතේ,
බදුල්ල දිස්ත්‍රික්කය: මීගහකිවුල
ගාල්ල දිස්ත්‍රික්කය: තවලම, නාගොඩ
මහනුවර දිස්ත්‍රික්කය: තුම්පනේ, මිනිපේ
කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක, මාවනැල්ල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, කෑගල්ල, වරකාපොළ
මාතර දිස්ත්‍රික්කය: පස්ගොඩ
මොනරාගල දිස්ත්‍රික්කය: වැල්ලවාය
නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, මතුරට, හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය: කොලොන්න, වැලිගෙපොල, ගොඩකවෙල, බලංගොඩ යන ප්‍රදේශ නම් කර ඇත.
එමෙන්ම අවදානම් මට්ටම (ඇම්බර්) යටතේ,
මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර
මාතර දිස්ත්‍රික්කය: කොටපොල
නුවරඑළිය දිස්ත්‍රික්කය: නිල්දණ්ඩාහින්න, වලපනේ යන ප්‍රදේශ සටහන් වනවා.
ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක්
මේ අතර, බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ රතු නිවේදනයක් ද නිකුත් කර ඇත.








Leave a Reply