Loading...

ගාල්ල ධීවර වරායේ ගින්නෙන් බෝට්ටු 7ක් අළු වෙයි

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටි බෝට්ටු නඩත්තු අංගනයේ අද (08) දහවල් හටගත් ගින්නෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ ධීවර බෝට්ටු 07ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙතෙක් ගින්න හටගැනීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.ජී.ඒ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම පරිශ්‍රය තුළ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රාවල හිමිකරුවන් කැඳවා එලෙස නවතා තැබීමට හේතු විමසා බලන බවත්, ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම ගින්න හටගැනීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ ගාල්ල වරාය පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘දක්ෂිණ’ කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න අනෙකුත් ප්‍රදේශ වෙත පැතිර යාම වළක්වා ගැනීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *