Loading...

කොංග්‍රසයේ බලය අහිමිවීමෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය දේශපාලන ප්‍රතිපත්ති වහාම වෙනස් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

මෙම මැතිවරණ පරාජය ජනාධිපති ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලන අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, ධවල මන්දිරයේ ඉහළ පෙළේ නිලධාරීන් වෙනස් කිරීම, පරිපාලනය තුළ විනය ඇති කිරීම මෙන්ම ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය සහ තීරුබදු ප්‍රතිපත්ති ඇතුළු මතභේදාත්මක තීරණ නැවත සලකා බලන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රවීණ දේශපාලන උපායමාර්ගිකයෙකු වන ජෝන් ෆීහෙරි සඳහන් කර ඇත්තේ, මෙම පරාජය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලැබූ විශාල දේශපාලන ව්‍යසනයක් වන බවයි.

කෙසේ වෙතත්, මෙම මැතිවරණ ප්‍රතිඵලය කිසිසේත්ම තමන්ට එරෙහිව ගොඩනැඟුණු ජනමතයක් ලෙස නොසලකන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *