Loading...

,

අමෙරිකානු මැතිවරණයෙන් සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට

අමෙරිකාවේ පැවැති මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙක්සාස් (Texas), දකුණු කැරොලයිනා (South Carolina) සහ කැන්සාස් (Kansas) යන ප්‍රාන්තයන්හිදී ලැබූ පෙරළිකාර ජයග්‍රහණ ද සමඟින් සෙනෙට් සභාවේ මෙතෙක් පැවැති රිපබ්ලිකන් පක්ෂයේ බලය අවසන් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයට හැකි වී තිබෙනවා.

මේ අතර අමෙරිකාවේ මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීමට තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය පිළිගැනීමටත්, ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමටත් තමන් සූදානම් බව ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි.

“අපි ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් සමග වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට අපට යම් එකඟතාවකට පැමිණීමට හැකි වේවි” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර අමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් සිදුකළ මත විමසුමකට අනුව, ඡන්දදායකයින් විසින් ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය ප්‍රධානතම ගැටලු ලෙස හඳුනාගෙන ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

‘Voter Poll’ ලෙස හැඳින්වෙන මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 79,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර, ඉන් 39%ක් දෙනා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය තමන්ට වඩාත්ම වැදගත් ගැටලුව වන බවයි. තවත් 32%ක් ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය ප්‍රධානතම ගැටලුව ලෙස නම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *