Loading...

ආනයනික සහල් වර්ග දෙකක රුපියල් 65 බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ මෙම බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය 2025 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, පොතු ඉවත් කළ දුඹුරු සහල්, අමු සහල් සහ තම්බන ලද සහල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණා.

කෙසේ වෙතත්, නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මඟින් එම අමු සහල් සහ තම්බන ලද සහල් සඳහා පැවැති රුපියල් 65ක බද්ද මෙලෙස ඉවත් කර ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *