Loading...

ඉරානයේ Qeshm දූපතට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට අයත් Qeshm දූපත ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරීන් තිදෙනෙකු මෙම ප්‍රහාරය තහවුරු කර ඇති අතර, කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා සම්පත් ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඔවුන් සඳහන් කර ඇත.

අමෙරිකානු ගුවන් යානයකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාරයක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම ඉරානය විසින් ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල භාවිත කරමින් අමෙරිකානු හමුදා සම්පත්වලට තර්ජනය කිරීම ද මීට හේතු වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය මහා පරිමාණ යුද මෙහෙයුමකට සමාන නොවන බව අමෙරිකානු නිලධාරීන් පෙන්වා දෙනවා.

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර දින මෙම ප්‍රහාරය සිදුවීම ද විශේෂත්වයකි.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමේ හැකියාව තවමත් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

යුද්ධය අවසන් කිරීම සඳහා හැකි ඉක්මනින් සාකච්ඡාමය විසඳුමකට එළඹීමට ඉරානය කැමැත්තෙන් පසුවන බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර, වොෂින්ටනය සමඟ වක්‍ර සාකච්ඡා පැවැත්වෙන බව ටෙහෙරානය ද අනාවරණය කර ඇති අතර, දැඩි කොන්දේසි යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර තිබෙනවා.

ඉරානය සමඟ එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේදී වැන්ස් උප ජනාධිපතිවරයා විසින් ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත ලිපියක් යොමු කර තිබූ අතර, එය ඉරානයට වෛද්‍ය සැපයුම් ඇතුළු විවිධ ආධාර ලබාදීම සම්බන්ධයෙන් යොමු කළ ලිපියක් බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය වෙත වැඩිදුරටත් තහවුරු කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *