Loading...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු ඇරඹෙයි

රජය සතු තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ අතර, අදාළ ඒකකය මඟින් මෙම ඈවර කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

මේ අතර, 2026 අයවැය යෝජනාවලට අනුකූලව තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිඟ වගකීම් පියවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින බව ද සඳහන් වනවා.

එම හිඟ වගකීම් පියවීම සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2.8ක් 2026 අගෝස්තු මාසය අවසන් වන විට ගෙවා නිම කර ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාමයන්ට බාධා එල්ල වීම සහ ඇණවුම් අවලංගු වීම වැනි අභියෝග රැසකට මෙරට රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙනවා.

කෙසේ වෙතත්, එම අභියෝග මධ්‍යයේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

2025 වසරේ පළමු මාස හය තුළ අදාළ ව්‍යවසායන් වාර්තා කර තිබූ සමස්ත ලාභය රුපියල් බිලියන 227.8ක් වූ අතර, ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51හි සමස්ත ලාභය රුපියල් බිලියන 31.5කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *