Loading...

පාකිස්තානය හමුවේ දෙවන T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 82ක දරුණු පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට සූරිය පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර රාවල්පින්ඩි හිදී පැවැති දෙවන විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 82ක විශාල පරතරයකින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 215ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ප්‍රහාරාත්මක ඉනිම් දියත් කළ මාස් සදකත් ලකුණු 96ක් සහ සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 73ක් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක, එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 216ක ජයග්‍රාහී දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමිදු වික්‍රමසිංහ ලකුණු 29ක් සහ සිනෙත් ජයවර්ධන ලකුණු 22ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ මොහොමඩ් ඉම්රාන් පන්දු යැවීමේදී කඩුලු 3ක් බිඳහෙළීමට සමත් වුණා.

ඒ අනුව, පැවැති තරග දෙකම ජයග්‍රහණය කරමින් 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *