Loading...

ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

හිටපු ජනාධිපති ආචාර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත අද (12) දින අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘සිරිලිය සවිය’ අරමුදල් ගිණුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින් ඇය මෙම අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

මෙම අපේක්ෂිත ඇප අයදුම්පත මීට පෙර පසුගිය 06 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අදාළ විමර්ශනවල ප්‍රගතිය සහ කරුණු වාර්තා කිරීම සඳහා අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත අධිකරණය විසින් නොතීසි ද නිකුත් කර තිබුණි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *