පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් ඇතුළු ප්‍රවාහන පහසුකම් අපේක්ෂා කරන සෙසු මගීන් උදෙසා නව දුම්රියක් අද (12) සිට ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු අඩාල වූ උඩරට මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවන කටයුතු පසුගිය 02 වනදා සිට යථා තත්ත්වයට පත් කර, මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බැවින් ඊට සමගාමීව මෙම නව දුම්රිය සේවාව ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, පොල්ගහවෙල – පේරාදෙණිය අතර ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තු වන පාසල් දරුවන් සහ අනෙකුත් දෛනික මගීන් සඳහා අද දින සිට දිනපතාම මෙම නව දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු සිටිනවා.







Leave a Reply