Loading...

,

ජපානය හොල්මන් කළ රුමේෂ් ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි

මෙවර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සමත් වුණා.

එහිදී මීටර් 88.55ක සුපිරි දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම රන් පදක්කම හිමිකරගත් අතර, මෙය ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු රන් පදක්කම ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

තරගයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගයට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින්ට විශාල අභියෝගයකට මුහුණදීමට සිදු වූ අතර, රුමේෂ් තරංග සිය පළමු උත්සාහයේදී මීටර් 73.53ක දක්ෂතාවක් දක්වමින් පළමු වට 3 නිමාවන විට පසුවූයේ 3 වන ස්ථානයේයි.

එතෙක් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා ඉදිරියෙන් පසුවුවද, සිය 4 වන උත්සාහයේදී මීටර් 88.33ක දක්ෂතාවක් දක්වමින් තරගයේ පෙරමුණ ගැනීමට රුමේෂ් සමත් වුණා.

5 වන උත්සාහය අසාර්ථක වුවද, සිය අවසන් එනම් 6 වන උත්සාහයේදී මීටර් 88.55ක අතිවිශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කම තහවුරු කිරීමට ඔහුට හැකි වුණා.

මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා විසින් දිනාගත් අතර, ඉසව්වට සහභාගී වූ අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේධ රණසිංහට හිමිවූයේ 6 වන ස්ථානයයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *