Loading...

ඉන්දියාවෙන් නේපාලයට මෙගාවොට් 654ක්

නේපාලයට බලපෑ දැඩි ග්ලැසියර ගංවතුර හේතුවෙන් එරට ජල විදුලි ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුවීමත් සමඟ ඇතිවූ හදිසි විදුලි අර්බුදයට පිළියමක් ලෙස දිනකට මෙගාවොට් 654ක විදුලි බලයක් සැපයීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ග්ලැසියර ආශ්‍රිත ගංවතුර සහ අධික ජල ප්‍රවාහ හේතුවෙන් නේපාලයේ ජල විදුලි යටිතල පහසුකම්වලට සිදුව ඇති දැවැන්ත හානිය එරට බලශක්ති සැපයුමට දැඩි අභියෝගයක් වී ඇති බව සඳහන්.

එමගින් විදුලි උත්පාදන ධාරිතාව අඩාල වීම හමුවේ ඉන්දියාවෙන් ලැබෙන මෙම විදුලි සැපයුම නේපාලයේ දෛනික බලශක්ති අවශ්‍යතා පවත්වාගෙන යාමට සහ සහන සැලසීමට මහෝපකාරී වනු ඇත.

හානියට පත් ජල විදුලි ව්‍යාපෘති නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මෙම හදිසි විදුලි සැපයුම හරහා නේපාලයේ ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *