පොලිස් උපාය දූතයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් වැරදී යාමෙන් පසු, ඔහුව අනතුරකට ලක්කර මරා දැමීමට සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් යොදාගත් ව්‍යාජ පොලිස් ජීප් රථයක් ඊයේ (08) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025 නොවැම්බර් 29 වන දින සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් කිරින්ද වෙරළ තීරයේදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 325ක්, සැකකරුවන් 8 දෙනෙකු සහ වාහන 6ක් අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ උපාය දූතයා ලබාදුන් රහසිගත තොරතුරකට අනුවයි.
විදේශගතව සිටින ‘රූබන්’ සහ ‘අංගොඩ ප්‍රියංකර’ යන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන ලද මෙම ජාවාරම වටලෑම හේතුවෙන් සිදු වූ පාඩුවට පලිගැනීමක් ලෙස, මෙම උපාය දූතයා පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ හිස සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට තබා යාමට අපරාධකරුවන් මුලින් සැලසුම් කර තිබූ බව පැවසෙනවා.
එම සැලසුම ව්‍යර්ථ වීමෙන් පසුව, එනම් පසුගිය සැප්තැම්බර් 05 වන දින උදෑසන කිරින්ද වරාය දෙසට ගමන් කරමින් සිටි මෙම උපාය දූතයාව ව්‍යාජ පොලිස් ජීප් රථයකින් හප්පා මරා දැමීමට අපරාධකරුවන් උත්සාහ කර ඇත. එහිදී තුවාල ලැබූ ඔහු දැනට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
අනතුර සිදු කිරීමෙන් පසු පලාගිය අදාළ ජීප් රථය කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී සොයාගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා එය කිරින්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.







Leave a Reply