Loading...

ජනක තිස්සකුට්ටිආරච්චි FCIDයට නොපැමිණෙයි

නීති විරෝධී ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා ඊයේ (08) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිට නැති බව වාර්තා වනවා.

සංවිධානාත්මක ලෙස පවත්වාගෙන ගිය බව කියන මෙම මූල්‍ය ආයතනය හරහා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත.

ඒ අනුව ඊයේ (08) දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණ ද, ඔහු එහි පැමිණ නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුට නැවත වෙනත් දිනයක දී ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස කැඳවීම් කිරීමට නියමිත බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *