අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණා.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණා.







Leave a Reply